පුවත් සහ සිදුවීම්

දුටුගැමුණු මහා රජතුමා ඇතුලු දේවාලයේ සේවය කල බස්නායක නිළමේ වරුන් වෙනුවෙන් පිං අනුමෝදන් කිරීම සහ අතු පන්දළම සකස් කිරීම

රුහුණ කතරගම මහා දේවාලයේ 6 වැනි පෙරහැර වීදී සංචාරය කල ඊයේ (22 දින )කතරගම පුදබිමේ හී සුවිශේෂිත වු සිදූ විම් රැසක් සිදූවිය.  සිටිි නිළමේ වරුන් හා වර්තමාන බස්නායක නිළමේ ඩිී. පී. කුමාරගේ මහතා  සිය නිළයේ සේවය කරනු ලබන බස්නායක නිළ මැදූරේ ගොම මැටී ගෑ කුටියේ දී සංඝත මහා දත්ෂිණාවක් පවත්වා දුටුගැමුණු මහා රජතුමා ඇතුලු දේවාලයේ සේවය කල බස්නායක නිළමේ වරුන් වෙනුවෙන් පිං අනුමොදන් කිරීම සිදූ කරනු ලැබීය.
මෙහි දීි ආගමික වත්වත් සිදූ කර පිං අනුමොදන් කිරීම කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති පුජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්, රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන  අධිකරණ සංඝනායක අභිණවාරාමාධිපති ශාස්ත්‍රපති කපුගම සරණ තිස්සහිමියන්, සිතුල්පව්ව රාජමහා විහාරාධිපති ශාස්ත්‍රපති මැටරඹ හේමරතන හිමියන්  ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් සිදු කර සිටියහ.
මෙම දානමය පිංකමෙන් පසුව කතරගම දේවාලයට අයත් වාසනා හස්ති රාජයා ප්‍රමුඛ අලි ඇතුන් විසින් දඹ කොළ හා දඩුු රැගෙන විත් දේවාලය ඉදිරිපිට වු අතු පන්දළම සකස් කිරීමට උපකාරි වු අතර බස්නායක නිළමේ ඩී. පී. කුමාරගේ මහතා විසින් වාසනා හස්තියා ලබා දූන් ප්‍රථම කොළ දඩු මිටිය අතු පන්දළමේ එල්ලනු ලැබීය.
    අනතුරුව කතරගම දේවාලයේ මාලිගය තුල ඉතා සුරක්ෂිතව තබා ඇති දූටු ගැමුණු රජුගේ කඩොල් ඇතුගේ දළ යුගළ දේව මාලිගාවෙන් පිට මණ්ඩපය වෙත රැගෙන එ්මට කපු මහතුන් ක්‍රියා කල අතර මෙම ඇත් දළ යුගළ නැරඹිම සදහා  විශාල බැතිමතුන් සංඛ්‍යාවක් දේවාලය තුලට පැමිණි සිටියහ.
මෙම සිදූවීම් වලට අමතරව නව බස්නායක නිළමේ ඩී. පී. කුමාරගේ මහතා දූටුගැමුණු මහා රජතුමා පනවා ඇති රාජ්‍ය නියෝගයන්ට එකගව පැරණි චාරිත්‍ර ඉටු කරමින් ඇසළ පෙරහැරේ නිළ වශයෙන් ගමන් ගැනීම රාත්‍රී සිදූ වු අතර ඊයේ (22 දින) රාත්‍රී පෙරහැර මංගළ්‍ය සදහා නැටුම් අංග 60 ක් පමණ එක් කර තිබුණි.
    දේවාල භූමියේ පැවැත් වු ආගමික වැඩ සටහන් සදහා මොණරාගල දිසා ලේකම් (කදවුරු භාර නිළධාරි) ඩි. එස්. පත්මා කූළසුරිය මහත්මිය ඇතුලු රාජ්‍ය නිළධාරින් පිරිසක්ද එක්වී සිටියහ.

වාසනා හස්තියා නැවත දෙවියන්ගේ රාජකාරි කටයුතු වලට

රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ මංගල්‍යට සුදනම් වන මේ අවස්ථාවේ දී දේවාලයේ ඇත් ගාලේ ද අපුරු චාරිත්‍රයක් ඊයේ (02 ) දින සිදූ වුනා.
අලින්ට වැළදෙන කම්බුල් තේමීම හේවත් මද කිපීමේ රෝගය සෑම අලි ඇතකුටම වසරකට වරක් සිදූවෙනවා.
මේ අනුව කතරගම දේවාලයේ වාසනා හස්තියාටත් මෙම මද කිපිම වැළදූනු පසුව මාස 05 ක් වැනි කාල සිමාවක් වාසනා හස්තියා ගස් බැද සිටියා. පසුව කන් තේමීමේ රෝගය අවසන් වු පසු නැවත දෙවියන්ගේ රාජකාරි  කටයුතු සදහා සුභ මොහොතින් ඊයේ  (02 ) බැද තිබු යකඩ දම් වැල් වලින් ලිහා පේරෝද්ද කඹේ දැමීම නම් ලනුවක් දමා ඇතා බැද සිටි ගසින් ලිහා දැමීම සිදූකරනු ලැබිීය.
මෙම ඇතා ගසින් ලිහිමට පෙර මහා සංඝරත්නය විසින් පිරිත් සජ්ජායනාවක් කරනු ලැබීය. පසුව කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩී. පි. කුමාරගේ මහතා විසින් ඇත් ගොව්වාන් සදහා හේණ්ඩුව බාර දූන් අතර පසුව සුභ මොහොතින් ඇතා මාස 05 ක් බැද සිටි ගසින් ලීහා දැමීම සිදූ කරනු ලැබීය.
අනතුරුව කැවුම් කිරිබත් ඇතුලු රස කැවීලී වලින්  හා සිසිල් බිම වලින් ඇතාට සංග්‍රහයන් ලබා දූන් බස්නායක නිළමේ හා කපු මහතුන් ඇතා බලා ගන්නා ලද ඇත් ගොව්වන් සදහා සුභ පැතිමක් ද සිදූ කරනු ලැබීය.
මෙම ඇතා ලිහිම අපුරු මගුල් ගෙදරක් මෙන් සිදූ විය. ඇත් ගොව්වන් විසින් රස කැවිළි වලින් ද කිරිබත් පළතුරු වලින්ද පැමිණ සිටි සැමට සංග්‍රහ කිරීමට කටයුතු කලේය. කැවුම් කිරිබත් අනුභව කල කපුමහතුන් ඇතුලු පැමිණ සිටි අය ඇත් ගොව්වන්ට තැගි මුදල් ලබා දීම ද සිදූවිය.
කතරගම දේවාලයේ වාසනා හස්තියා දෙවියන් පෙරහරේ වැඩම්මා ගෙන යනු ලබන හාස්තියා වීම මත මේ වැනි ගරු සාත්කර සිදූකිරීම සැම වසරක දීම සිදූවේ.
මෙම අවස්ථාව සදහා රුහුණු මාගම ම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක අභිණවාරාමාධිපති ශාස්ත්‍රපති කපු ගම සරණ තිස්ස හිමියන් විසින් ආගමික වතාවත් සිදූ කල අතර කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩී. පි. කුමාර ගේ මහතා පැමිණ චාරිත්‍ර ඉටු  කරනු කලහ. මෙම අවස්ථාවට කතරගම දේවාලයේ පාරිපාලන ලේකම් ඊ. එම්. දයානන්ද මහතා හා දේවාලයේ කපු මහතුන් වන ආනන්ද ටී. රත්නායක කපු මහතා, ටී. අාර්. කරුණාරත්න, ඇත් ගාල පාරිපාලන නිළධාරි ටී. අාර්. ලලිත් රත්නායක යන මහතුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

පාද වන්දනාවෙන් බැතිමතුන් පැමිණේ

ලබන 17 වැනි දින කතරගම පැවැත්වෙන ඇසළ මංගල්‍ය සදහා උතුරු නැගෙන හිර සිට පාද වන්දනාවෙන් පැමිණෙන බැතිමතුන්   අති දූෂ්කර කතරක් ගෙවා ඊයේ (12)  කතරගම පුදබිම වෙත පැමිණියහ.
මේ වන විට යාපනය, වවුනියාව, ති්‍රකුණාමලේ, මඩකලපුව, තිරුක්කෝවිල්, අම්පාර, කිළිනෛාච්චි, කරතිවු වැනි ප්‍රදේශ වල සිට මාස 02 කට පෙර පැමිණි මෙම බැතිමතුන් හට පසුගිය 08 වැනි දින කුමන ජාතික වන උද්‍යානය ඔස්සේ පැමිණිමට වන ජිවි දෙපාර්තමේන්තුව මගින් අවසරය ලබා දෙනු ලැබීය.
2134 දෙනකු මේවන විට මෙම පාද වන්දනාවට එක් ව සිටිති.
පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩී. පි. කුමාරගේ මහතා දේවාලයට බැතිමතුන් ලබා දෙනු ලබන පළතුරු එකතු කර  යාල වන උද්‍යානය වෙත ගොස් ලබා දෙන අතර මෙයට අමතරව රජය විසින් ජල බවුසර් පුරවා බැතිමතුන් පැමිණෙන දූෂ්කර මාර්ග වල රදවා තැබීමට යුධ හමුදාව යොදවා තිබේ.
මෙසේ පැමිණෙන දහස් සංඛ්‍යාත බැතිමතුන් වෙනුවෙන් කතරගම දේවාලය මගින් දිවා රාත්‍රී මහා බත් දන්සලක් විවෘතව තැබීමට පියවර ගත් බව බස්නායක නිළමේ ඩි. පි. කුමාරගේ මහතා අවධාරණය කරනු ලැබීය.

සර්ව ආගමික කොඩිය එසවිම

රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ මංගල්‍ය ඊයේ (17- වැනි දින සවස අති  උත්කර්ෂවත් අයුරින් ඇරඹුණි.
අද සවස මුස්ලිම් පල්ලියේ දී සර්ව ආගමික කොඩිය එසවිමේ චාරිත්‍රය ඉටු කරනු ලැබු අතර මෙම අවස්ථාවට කතරගම කිරිවෙහෙර විහාරාධිපති පුජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්, කතරගම අභිණවාරාමාධිපති ශාස්ත්‍රපති කපුගම සරණ තිස්ස හිමියන්, මොණරාගල දිසා ලේකම් පත්මා කුළසුරිය මහත්මිය,  කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩි පි කුමාරගේ, මුස්ලිම් පල්ලියේ භාරකාර තුමන් වන මුබාරක් මවුලානා  පුජක තුමා ඇතුලු හින්දූ, බෞද්ධ,  මුස්ලිම් බැතිමතුන් රැසක් මෙම කොඩිය එසවීමේ උළෙල සදහා එක් වු අතර මෙම කොඩිය එසවීමෙන් ජාතින් අතර එකමුතු බව කියා පාන අතර ලොව ඇති එකම සර්ව ආගමික කේන්ද්‍රස්ථනය බව සංකේතවත් කිරීම පිණිස මෙම කොඩිය සෑම වසරක දීම පෙරහැරට ප්‍රථම එසවනු ලබයි.
 ඊයේ  අරම්භ වූ කතරගම මහා දේවාලයේ ඇසළ මංගල්‍යය ලබන 31 දක්වා පැවැත්වේ.
කතරගම ඇසළ පෙරහැර සදහා පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් අවශ්‍ය යටිතල පහසුකම් රැසක් මේ වනවිට රජය මගින් පුජා භූමියේ සලසා තිබේ.

බැතිමතුන් වෙනුවෙන් බත් දන්සල් රැසක්

රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍ය සදහා පැමිණෙන දහස් සංඛ්‍යාත බැතිමතුන් වෙනුවෙන් දිවා රාත්‍රී ආහාර පාන ලබා දීම පිණිස දේවාල භූමියේ බත් දන්සල් රැසක් මේ වනවිට විවෘතව පවති.
කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩි. පි. කුමාරගේ මහතා විසින් දේවාලය ඉදිරිපිට දිවා රාත්‍රී මෙම බත් දන්සල් විවෘත කර ඇති අතර මෙම ඡායාරුපයේ දැක්වෙනුයේ බස්නායක නිළමේ ඩි. පී. කුමාරගේ මහතා විසින් බැතිමතුන් වෙත ආහාර පිළිගැන් වු අයුරුයි.

කතරගම කේ ඩි දේවපි‍්‍රය

නව ඇත් ගාල සහ ආදිවාසි නිවස විවෘත ඉදිකිරීම

කතරගම දේවාලයට අයත් අලි ඇතුන් සදහා නව ඇත් ගාලක් සාදවා අලි ඇතුන් සදහා දිය නෑමට හා පිරිසිදූව තබා ගැනීමට හැකි වෙන පරිදි මෙම ඇත්ගාල සකස් කිරීමට නව බස්නායක නිළමේ ඩී. පී. කුමාරගේ මහතා ක්‍රියා කර ඇති අතර මෙයට සමගාමිව දේවාලයේ පෙරහැර රාජකාරි සිදූ කරනු ලබන ආදිවාසි ඇත්තන් වන ඌරු වරිගේ බණ්ඩිලා ඇත්තන් සදහා ද නව නිවාසයක් මැණික් ගග අසළ ඉදිකර විවෘත කිරීම අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පසු ගිය දින සිදූකරනු ලැබීය.

මෙම අවස්ථාව සදහා කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති පුජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් කතරගම අභිනවාරාමාධිපති ශාස්ත්‍රපති කපුගම සරණ තිස්ස හිමියන් ප්‍රමුඛ පිරිසක් ද එක් වී සිටියහ.

 

කතරගම ඇසළ පෙරහැර අද ඇරඹේ

ඓ‍ෙතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ  ඇසළ මංගල්‍යයේ ප්‍රථම පෙරහැර අද (17 )  වැනි දින අති උත්කර්ෂවත් අයුරින් ආරම්භ වන බව කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩි. පි. කුමාරගේ මහතා පැවසිය.
අද දින රාති්‍ර 7.45 ට මහා පෙරහැර මහා දේවාලයෙන් දෙවියන් වැඩමවා ගෙන අෂ්ඨ ඵළ බෝධිය වටරවුමෙන් පැමිණ ප්‍රධාන වහල් කඩ දොරටුවෙන් මහා වීදියට පැමිණ වල්ලී අම්මා දේවාලයට ගොස් චාරිත්‍ර ඉටු කිරීමෙන් පසු නැවත මහා වීදිය ඔස්සේ මහා දේවාලයට පැමිණ පෙරහැර නිමාවට පත්වේ. පෙරහැර දින 15 ක් පවත්වා මෙම මාස 31 වැනි දින අවසන් මහා පෙරහැර පැවැත්වීමෙන් පසු අගෝස්තු 01 වැනි දින මැණික් ගගේ දිය කැපීමේ චාරිත්‍රයෙන් පෙරහැර නිමාවට පත්වෙන බව කතරගම මහා දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සෙමීපාල ටී රත්නායක මහතා පැවසීය.
ඇසළ මංගල්‍යට සමගාමිව ඊයේ රාති්‍ර දේවාල භෙූමියේ දී පිරිත් පිංකමක් පැවැත් වු අතර මෙම අවස්ථාව සදහා කතරගම කිරිවෙහෙර විහාරාධිපති පුජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය එක් වු අතර බස්නායක නිළමේ ඩි. පි. කුමාරගේ මහතා මොණරාගල දිසා ලේකම් පත්මා කුළසුරිය මහත්මිය ඇතුලු  පිරිසක් එක්විය.
මේ වන විට පාද වන්දනාවෙන් බැතිමතුන් 5000 ක් ඉක්ම වු පිරිසක් කතරගම පුදබිම වෙත පැමිණ සිටිති.

  

ප්‍රථම පෙරහැර

කතරගම ඇසළ පෙරහැර පසු ගිය 17 වැනි දින අති උත්කර්ෂවත් අයුරින් ආරම්භ කරනු ලැබීය.
ලංකාවේ පැවැත්වෙන පෙරහැර මංගල්‍යන් අතරින් පැණිම හා දිගින් අඩුම පෙරහැර වන කතරගම පෙරහැර දූටු ගැමුණු යුගයේ සිට අඛණ්ඩව පවත්වාගෙන යනු ලබනු පෙරහැර මංගල්‍යකි.
මෙම ඡායාරුපයේ දැක්වෙනුයේ 17 වැනි දින ප්‍රථම පෙරහැර වාසනා හස්තිරාජයා පිට දෙවියන් වැඩමවාගෙන ප්‍රධාන වහල් කඩ දොරටුවෙන් වීදි සංචාරය සදහා පිටවු අයුරුයි.

කතරගම  කේ ඩි දේවප්‍රිය 2015.07.19

අලි ඇතුන් වෙනුවෙන් සෑම දිනයකදීම සංග්‍රහයක්

රුහුණු කතරගම දේවාලයේ පැවැත්වෙන ඇසළ පෙරහැර ඉතාම අලංකාර ලෙස පවත්වා ගෙන යෑම පිණිස අලි ඇතුන් දක්වන්නේ සුවිශේෂිත වු දායකත්වයකී.
කතරගම දේවාලයේ වාසනා ඇතු ඇතුඵ අලි ඇතුන් වෙනුවෙන් සෑම දිනයකදීම සංග්‍රහයක් ලබා දී මට බස්නායක නිළමේ ඩී පී කුමාරගේ මහතා ක්‍රියා කර තිබේ. පෙරහැරට එක්වීමට පෙර සියලූම අලි ඇතුන් මැණික් ගගට ගොස් දිය නා ගන්නා අතර පසුව බස්නායක නිළ මැදූර වෙත මෙම අලි පැමිණ කිතුල් හකුරු, කලූ උක්ගස්, බඩ ඉරිගු, හා කෙසෙල් ගෙඩි වල රස බැලීම සිදූු  කරනු ලබයි.


මෙයට අමතරව අලින් බලා ගන්නා ඇත් ගොව්වන්ටද තේ පැනින් සංග්‍රහයක් දිනපතා ලබා දෙන බස්නායක නිළමේ ඩි. පී. කුමාරගේ මහතා වාසනා හස්තියා වෙත සංග්‍රයන් ලබා දෙන අයුරු මෙහි දැක්වේ.

කතරගම කේ ඩි දේවප්‍රිය 2015.07.23

8 වැනි පෙරහැර මංගල්‍ය

රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ මංගලයේ 8 වැනි පෙරහැර මංගල්‍ය අද (24- වැනි දින වීදි සංචාරය කරනු ඇත)
අද රාත්‍රී 8.20 ට පෙරහැර මංගල්‍ය දෙවියන් වැඩම වීමෙන් පසුව වීදි සංචාරය කරන අතර පිට වීදිය ඔස්සේ වල්ලී අම්මා දේවාලය වෙත පෙරහැර මංගල්‍ය ගමන් කර එහි දී අඛණ්ඩව දූටු ගැමුණු රජ දවසේ පටන් පවත් වා ගෙන එනු ලබන චාරිත්‍ර ඉටු කිරීමෙන් අනතුරුව නැවත මහා දේවාලය වෙත මහා වීදිය ඔස්සේ මහා දේවාලය වෙත පෙරහැර ගමන් කර දෙවියන් දේව මාලිගය වෙත ගෙවදිමෙන් පසුව පෙරහැර නිමාවට පත්වෙන බව කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩී. පි. කුමාරගේ මහතා පැවසීය.

කතරගම කේ ඩි දේවප්‍රිය 2015.07.23

කැළි කසළ ඉවත් කිරී‍මේ නව වැඩ පිළිවෙලක්

රුහුණු කතරගම මහා දේවාලයෙන් හා කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයෙන් දේවාල පිටු පස ඇති ගම් අසළ ස්ථාන කීපයකට දමා තිබු කැළි කසළ ද්‍රව්‍ය ඇති ස්ථාන සියල්ල වහා පිරිසිදූ කරන ලෙස කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩි පී කුමාරගේ මහතා දේවාලයේ පවිත්‍රතා අංශය වෙත නියෝග කරනු ලැබීය.
කතරගම දේවාලයට ලැබෙන පළතුරු වලින් ඉවත් කරනු ලැබු ද්‍රව්‍ය හා දේවාලය හා අවට පරිසරයට බැතිමතුන් මුදා හැරින ලද කැළි කසළ වසර 20 ක් පුරා දේවාලය අසළ ඇති ගෝතමීගම ආසනන්යේ දැමු අතර මෙම කසළ ද්‍රව්‍ය ගම් තුල ජිවත් වෙන ජනයාට අහිත කර බැවින් මෙම කුණු දැමිම නවතා දමා වෙනත් ස්ථානයක වළක් කපා දැමිමට පියවර ගන්නා බව බස්නායක නිළමේ ඩි පි කුමාරගේ මහතා අවධාරණය කරනු ලැබීය.


මෙම කුණු තිබු ස්ථානය බැකෝ යන්ත්‍ර දමා කැළි කසළ ඉවත් කරනු ලැබු අතර වියළි ගිය කැළි කසළ ගිනි තබා පුචිචා දමනු ලැබීය.
කතරගම ඇසළ උත්සවයට පෙර රුපියල් ලක්ෂ 12 ක වියදමින් කැළි කසල ඇබරීමට ලක් කරන යන්ත්‍රයක් සවීකර කැළි කසළ කොම්පෝස්ට් පොහොර බවට පත් කර කෘෂිකර්මාන්තයේ නිරත වන ගොවියන් සදහා ලබා දීමට පියවර ගන්නා බව බස්නායක නිළමේ ඩි පි කුමාරගේ මහතා සදහන් කරනු ලැබීය.

 

නව නිල වෙබ් අඩවිය විවෘත කිරීම

   

රුහුණු මහා කතරගම දේවාලයේ නිල වෙබ් අඩවිය 2015.06.20 දින ගරු කරූ ජයසූරිය ඇමතිතුමා අතින් විවෘත කරන ලදී

නව ඇත් ගාලක් ඉදිකිරීම

රුහුණු කතරගම දේවාලයේ  ඇති ඡන්චල නිශ්චල දේපල පිළිබදව බළධාරින් අවදානය යොමු කරනු ලැබුවත් දේවාලයේ දෙවියන්ගේ පෙරහැරට සුවිශේෂිත වු සේවයක් සිදූ කරනු ලබන අලි ඇතුන් පිළිබදව කිසිදූ බළධාරියකුගේ අවදානයක් මේ දක්වා යොමු නොවුහ. 

 කතරගම දේවාලයට  පත් වු නව බස්නායක නිළමේ ඩී පී කුමාරගේ මහතා සිය රාජකාරි ඉටු කිරිම මේවනවිට ආරම්භ කර ඇති අතර  නව බස්නායක නිළමේ වරයා මුළින්ම අවදානය යොමු කරනු ලැබුවේ දේවාලයේ සිටින අලි ඇතුන් පිළිබදවයි. මැණික් ග‍ඟ්‍ෙ ජලය වැඩි වු විට දී වතුරෙන් යට වන අලි ඇතුන් බේරා ගැණිමට ඇත් ගොව්වන්ට දැඩි වෙහෙසක්  දැරිමට සෑම වසරක දිම සිදූවිය. බැතිමතුන් පැමිණ  අලිඇතුන්ට පළතුරු වැනි ආහාර දීම නිසා වන්දනා කරුවන්ටද දැඩි අවදානයක්  ගෙන දෙමින් තිබුණි. 

 මේ සම්බන්දව අවදානය යොමු වු නව බස්නායක නිළමේ වරයා අලි ඇතුන්ට උස් බිමක් තේරා අලි ඇත් ගාලක් නිර්මාණය කීරිම (08) වැනි දින සුභමොහොතින් ආරම්භ කරනු ලැබීය. 

 අලි ඇතුන්ට නිදහසේ සිටිමට හැකිි පවුරක් සාදවා නිතර අලින් නැහැවිමටත් අපදව්‍ය බැහැර කරවීමට හැකි පරිදි මෙම ඇත් ගාල සකස් කරන අතර විදේශිකයින්ට හා දේශිය නරඹන්නන්ට දැක බලා ගැණිමට හැකි පරිදිි ආරක්ෂාකාරි වැටකින් සමන්විතව මෙම ඇත් ගාල නිර්මාණය කරන බව නව බස්නායක නිළමේ ඩී පී කුමාරගේ ය. මහතා අවදාරණය කරනු ලැබීය.

 කතරගම කිරිවෙහෙර රාජ මහාවිහාරධිපති පුජ්‍ය කොබවක ධම්මින්දමිහියන් ගේ අනුශාසනා පරිදි නිර්මාණය වන මෙම ඇත් ගාල සඳහා වැඩ ආරම්භ කීරිමේ අවස්ථාව සඳහා කතරගම කිරිවෙහෙර රාජමහා විහාරධිපති පුජ්‍ය කොබවකධම්මින්ද හිමියන්. රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක අභිණවාරාමාධිපති ශ්‍රාස්ත්‍රපති කපුගම සරණ තිස්සහිමියන් වැඩම කරනු ලැබු අතර  නව බස්නායක නිළමේ ඩී පි කුමාරගේ මහතා විසින්  මුල්ම පස් පිඩැල්ල සුභමොහොතින් කැපු අයුරු මෙහි දැක්වේ.

මෙම වැඩ සටහන සදහා සහයෝගය දැක්විම සදහා යුධ හමුදා  නිළධාරින්ගේද සහායෝගය ලබා දී තිබුණි.  


  

ආදිවාසි නිවස විමර්ශනය කිරීම.

අපිලා ඇත්තෝ දෙයියන්ලා ඇත්තතන්ගේ චාරිත‍්‍ර පොජ්ජ කරන්න එනවා. ඒක කරන්න මේ ඇත්තනට ඉන්න හරිහමන් ඉන්න තැනක් නෑ. තියෙන පැල් කොටේ වැස්සට තෙමෙනවා කොටාබාන එක දමන්නවත් වැසිකිළි පොජ්ජක්වත් හිටපු නිළමේ ඌරලා හදා දෙන්න බැලූවේ නැහැ යනුවෙන් කතරගම පෙරහැරට සම්බන්ද වී චාරිත‍්‍රයක් ඉටු කරනු ලබන ඌරු වරිගේ බණ්ඩිලා ඇත්තො කතරගම දේවාලයට පත් වු නව බස්නායක නිළමේ ඞී පී කුමාරගේ මහතා හමුවේ වෝදනා කරනු ලැබීය.
නව බස්නායක නිළමේ ඩි පී කුමාරගේ මහතා හමු වු බණ්ඩිලා ඇත්තතො පැවසුවේ. මගේ පියා ඇත්තො ඌරු වරිගේ බුරුතාන්ඩියා පවා මේ දේවලා ඇත්තන්ට චාරිත‍්‍ර ඉටු කරලා තියෙනවා. කතරගම පෙරහැරට එන අපිලා ඇත්තන්ට ඉන්න තියෙන පැල් කොටේ වැස්සට තෙමනවා.
මැටි දියවීලා බිත්ති කැඩිලා යනවා. හරියට වැසිකිළියක් වත් යන්න තැනක් නැ. නිළමේලා පත්වෙනවා යනවා. අපේ ගැට`ඵ එහෙමමයි. විසදුම් දුන්නේ් නැහැ. යනුවෙන් බස්නායක නිළමේ කුමාරගේ මහතාට තම ගැට`ඵ ඉදිරිපත් කල ඌරි වරිගේ බණ්ඩිලා ඇත්තන් බස්නායක නිළමේ වරයාගෙන් ඉල්ලිමක් කරනු ලැබුවේ. දැනට පවතින පොල් අතු පැළ වෙනුවට සීිට් දමා සකස් කල නිවසක් සාදවා දෙන ලෙසත් තම වරිගේ උන්ටම පමණක් සීමා වු වැසිකිළි පද්ධතියක් සාදවා දෙන ලෙසයිි.
මේ සම්බන්දව සොයා බැලූ බස්නායක නිළමේ ඞී පී කුමාරගේ මහතා පැවසුවේ වැසි දින වල දීි නොතෙමෙන පරිදි ආදිවාසීින් සතු නිවස සංවර්ධනය කර වැසිකිළි පද්ධතියක් සාදවා දෙන බවයි.

කතරගම කේ ඩි දේවපි‍්‍රය
  

Copyright © 2015. All Rights Reserved.


Login Form