Elephant 'Vasana' is back to the duties of the God

රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ මංගල්‍යට සුදනම් වන මේ අවස්ථාවේ දී දේවාලයේ ඇත් ගාලේ ද අපුරු චාරිත්‍රයක් ඊයේ (02 ) දින සිදූ වුනා.
අලින්ට වැළදෙන කම්බුල් තේමීම හේවත් මද කිපීමේ රෝගය සෑම අලි ඇතකුටම වසරකට වරක් සිදූවෙනවා.
මේ අනුව කතරගම දේවාලයේ වාසනා හස්තියාටත් මෙම මද කිපිම වැළදූනු පසුව මාස 05 ක් වැනි කාල සිමාවක් වාසනා හස්තියා ගස් බැද සිටියා. පසුව කන් තේමීමේ රෝගය අවසන් වු පසු නැවත දෙවියන්ගේ රාජකාරි  කටයුතු සදහා සුභ මොහොතින් ඊයේ  (02 ) බැද තිබු යකඩ දම් වැල් වලින් ලිහා පේරෝද්ද කඹේ දැමීම නම් ලනුවක් දමා ඇතා බැද සිටි ගසින් ලිහා දැමීම සිදූකරනු ලැබිීය.
මෙම ඇතා ගසින් ලිහිමට පෙර මහා සංඝරත්නය විසින් පිරිත් සජ්ජායනාවක් කරනු ලැබීය. පසුව කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩී. පි. කුමාරගේ මහතා විසින් ඇත් ගොව්වාන් සදහා හේණ්ඩුව බාර දූන් අතර පසුව සුභ මොහොතින් ඇතා මාස 05 ක් බැද සිටි ගසින් ලීහා දැමීම සිදූ කරනු ලැබීය.
අනතුරුව කැවුම් කිරිබත් ඇතුලු රස කැවීලී වලින්  හා සිසිල් බිම වලින් ඇතාට සංග්‍රහයන් ලබා දූන් බස්නායක නිළමේ හා කපු මහතුන් ඇතා බලා ගන්නා ලද ඇත් ගොව්වන් සදහා සුභ පැතිමක් ද සිදූ කරනු ලැබීය.
මෙම ඇතා ලිහිම අපුරු මගුල් ගෙදරක් මෙන් සිදූ විය. ඇත් ගොව්වන් විසින් රස කැවිළි වලින් ද කිරිබත් පළතුරු වලින්ද පැමිණ සිටි සැමට සංග්‍රහ කිරීමට කටයුතු කලේය. කැවුම් කිරිබත් අනුභව කල කපුමහතුන් ඇතුලු පැමිණ සිටි අය ඇත් ගොව්වන්ට තැගි මුදල් ලබා දීම ද සිදූවිය.
කතරගම දේවාලයේ වාසනා හස්තියා දෙවියන් පෙරහරේ වැඩම්මා ගෙන යනු ලබන හාස්තියා වීම මත මේ වැනි ගරු සාත්කර සිදූකිරීම සැම වසරක දීම සිදූවේ.
මෙම අවස්ථාව සදහා රුහුණු මාගම ම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක අභිණවාරාමාධිපති ශාස්ත්‍රපති කපු ගම සරණ තිස්ස හිමියන් විසින් ආගමික වතාවත් සිදූ කල අතර කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩී. පි. කුමාර ගේ මහතා පැමිණ චාරිත්‍ර ඉටු  කරනු කලහ. මෙම අවස්ථාවට කතරගම දේවාලයේ පාරිපාලන ලේකම් ඊ. එම්. දයානන්ද මහතා හා දේවාලයේ කපු මහතුන් වන ආනන්ද ටී. රත්නායක කපු මහතා, ටී. අාර්. කරුණාරත්න, ඇත් ගාල පාරිපාලන නිළධාරි ටී. අාර්. ලලිත් රත්නායක යන මහතුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

Copyright © 2015. All Rights Reserved.


Login Form